BetterLife Psychological Counselling Center (මනෝවිද්‍යා උපදේශනය)

Like Us on Facebook

Monday, October 12, 2020

 මගේ පුතා තාම කතා කරන්නෑ නෙ !.....



සියලුම දරුවන් එක හා සමානව ඔවුන්ගේ කායික හා මානසික වර්ධනය පෙන්නුම් කරන්නේ නැහැ. එක් එක් දරුවන්ට ආවේණික වූ වර්ධන වේගයන් ඔවුන් ඔවුන් සතුව පවතී. උදාහරණයක් ලෙස යම්කිසි දරුවෙක් ඉතා ඉක්මනින් ඇවිදීමහා කතා කිරීම කරන නමුත් තවත් දරුවෙක් ඒ සඳහා වැඩිපුර කාලයක් ගත කරයි. සාමාන්‍යයෙන් දරුවෙකු මාස 12ක් 18ක් වන විට කුසලතා වර්ධනයක් පෙන්නුම් කරයි. එය තක්සේරු කිරීම සඳහා තමයි සෑම දරුවෙකු හටම වර්ධන සටහනක් දීලා තියෙන්නේ.  යම්කිසි දරුවෙකු වර්ධන කුසලතා පෙන්වීමටවැඩි කාලයක් ගත වෙනවා නම්, එය එම දරුවන්ගේ නිපුණතා වලට බලපෑමක් ඇති කරන්න හේතු වෙයි. එම නිසා දරුවාගේ වයස් වලට සාපේක්ෂව අපේක්ෂා කළ යුතු වර්ධනයන් හා කුසලතාවයන් පිළිබඳව දෙමාපියන් ලෙස මෙන්ම වැඩිහිටියන් ලෙස ද ඔබ දැන සිටීම ඉතා වැදගත් වෙයි.

        දරුවන්ගේ මෙම කුසලතා වර්ධනයේ දී ප්‍රධාන දෙයක් ලෙස, කථන භාෂා හා ශ්‍රවණ සම්බන්ධ ගැටලු පෙන්වා දිය හැකියි.

        අම්මලා තම දරුවන්ගේ කතාව හා භාෂාවේ ප්‍රමාදයන් හා ගැටලු පිළිබඳව බොහෝ දුරට විමසන්නේ, තම යහළුවන්ගෙන් හා සමීපතයන්ගෙනි. ඔවුන් ලබාදෙන පිළිතුරු හා උපදෙස් එවිට විද්‍යාත්මක හෝ මනෝවිද්‍යාත්මක නොවිය හැකිය. මන්ද එවැනි අවස්ථාවල, දරුවන් කතා කිරීම ප්‍රමාද වීමට හේතු ලෙස

Ø  සාමාන්යයි බයවෙන්න එපා.

Ø  ටික කාලයක් යද්දි හරියාවි .

Ø  Nursery දැම්මාම හරි යනවා.

Ø  මගේ බබා කතා කරන්නත් පරක්කු වුණා.

Ø  ලොකු බබා කතා කරන්නත් පරක්කු වුණා.

Ø  පොඩ්ඩක් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න.

 මෙවැනි උපදෙස් ලබා දීම බොහෝ විට අසන්නට ලැබෙයි.

නමුත් මෙසේ සිතා කාලය ගත කිරීම මගින් දරුවාට සිදුවිය හැකි අවාසි රැසකි. මන්ද  කලින් සඳහන් කළ පරිදි දරුවාගේ වර්ධන වේගය දරුවාගෙන් දරුවාට වෙනස් විය හැකිය. ඇතැම් දරුවන් කිසිම තෙරපි (Therapy) චිකිත්සාවකින් තොරව සාමාන්‍ය තත්ත්වයකට පත්විය හැකිය. නමුත් කථන හා භාෂා ප්‍රමාදයකට බලපාන ඔබ නොදන්නා බොහෝ කරුණු ඇත. ඒ ගැන ඔබේ අවධානය යොමු නොකිරීමෙන් ඉන් දරුවාට නිසි වයසේදී ලබා ගත යුතු, බොහෝ කුසලතා හා හැකියාවන් මග හැරී යා හැකිය. එසේ පැවසීමට හේතුව අවුරුදු 12+ ක කාලය තුළ මගේ වෘත්තිමය ජීවිතය තුළ මා ලබා ඇති අත්දැකීම් ය.


කුඩා දරුවෙකු කතා කිරීමට පටන් ගැනීමට පෙර, දරුවා වටා සිටින අන් අය සමඟ අදහස් හුවමාරු කර ගැනීමනැතහොත් සන්නිවේදනය පටන් ගන්නෙ කොහොමද ?

අපි ඒකට කියන්නේ වාචික නොවන සන්නිවේදනය කියලයි. මෙම වාචික නොවන සන්නිවේදනයෙන් පසු දරුවෙකු වාචික සංවේදනය පටන් ගනී. යම් හෙයකින් දරුවාගේ කථන භාෂාව හෝ ශ්‍රවණ ගැටලු ඇති වූවොත්, එය දරුවාගේ පෞරුෂත්වය ගැටලු රැසකට බලපායි.

Ø සමාජ කුසලතා අඩුවීම

Ø මිතුරන් ඇති කර ගැනීමේ අපහසුතාවය

Ø අදහස් ප්‍රකාශ කිරීමේ අපහසුතාවය

Ø කියවීමේ හා ලිවීමේ අපහසුතා

Ø අධ්‍යාපන ගැටලු

 

දරුවෙකුගේ කථන හා භාෂා හා ශ්රවන කුසලතා අඩු වූ විට දක්නට ලැබෙන ලක්ෂණ.

Ø උපතේ සිට මාස 3 දක්වා

· යම් ශබ්දයක් දෙස අවධානය යොමු කිරීමේ අපහසුතාවය උදා:

§  විශාල ශබ්ද වලට පවා තැති ගැනීමක් සිදු නොකරයි

§ සමීපතයන් හුරුපුරුදු අය මව පියාගේ කටහඬ හඳුනා නොගනී

§  ඇස් වලින් සම්බන්ධ වීම අඩු වෙයි

§දෙමාපියන්, සමීපතයන් හුරුපුරුදු අයගේ කටහඬ හඳුනා නොගනී

§  ඇස්වලින් සම්බන්ධවීමේ අපහසුතාවය

· ඇස් වලින් සම්බන්ධ වීමේ කාලය සීමාව දිගු කාලයක් පවත්වා ගැනීමට නොහැකි වෙයි.

·දරුවාගේ හැඟීම් තේරුම් ගැනීමේ අපහසුතාවය

(සාමාන්‍ය දරුවන් සතුටින් සිටින විට ශබ්ද නගා සිනාසීම, අපහසුවෙන් සිටින විට ඇඬීම )
Ø මාස 3 සිට 6 දක්වා:

·අවධානය යොමු කිරීමේ අපහසුතාවය


§යම් කෙනකු කතා කරන විට ඔහු සමඟ ඇස්වලින් සම්බන්ධ වීමට නොහැකිය.

§  තමාගේ සමීපතයන් කතාකරන හඬට ප්‍රතිචාර දැක්වීමට අපහසුයි.

§  ශබ්දය ඇස් ශබ්දය ඇසෙන දිසාවට ඇස් චලනය කිරීමට අපහසුයි .

§  ශබ්ද නගන සෙල්ලම් බඩු වෙත අවධානය යොමු නොකරයි

§  දරුවාගේ සමීප තැන් හා කතා කරන විට විවිධ ශබ්ද නගමින් ඔවුන් වෙත ප්‍රතිචාර දැක්වීමට නොහැකිය

§  දරුවාගේ අපහසුතාව අනුව ප්‍රතිචාර දැක්වීමට අපහසුයි. (සිනාසීම , නිහඬව සිටීම, ඇඬීම , හයියෙන් ඇඬීම)

§  දරුවා නමින් කතා කරන විට එයට ප්‍රතිචාර නොදක්වයි

§  දරුවාගේ නමින් කතා කරන විට ප්‍රතිචාර ලෙස විවිධ ශබ්ද නැවත ඇති නොකරයි

§  අන් අයගේ අවධානය ගැනීම සඳහා විවිධ ශබ්ද පිට නොකරයි

Ø මාස 6 ත් 12 ත් අතර කාලය:

· දෑත් දිගුකර යමක් පෙන්වූ විට ඒ දෙස අවධානය යොමු නොකරයි.

· ශබ්දය හෝ කටහඬ ඇසෙන දිශාව හඳුනා ගැනීමට අපහසු වෙයි.

· වෙනත් ශබ්ද (දුරකථන, වාහන නලා) ශබ්දය කෙරෙහි අවධානය යොමු නොකරයි.

· දරුවා නමින් කතා කරන විට ප්‍රතිචාර නොදක්වයි.

· කෙටි සරල විධානය හඳුනා ගැනීමට අපහසුයි

· කෙටි සරල උපදෙස් තේරුම් නොගනී

· අන් අය සමඟ විශේෂයෙන් ගෙදර සමීප අය සමඟ සන්නිවේදනය නොකරයි

· ප්‍රතිචාර නොදක්වයි

§ ටටා බායි කියූ විට ප්‍රතිචාර නොදක්වයි

මූලික භාෂා ගැටලු:

vඋපතේ සිට මාස 3 දක්වා

§  ඇස්වලින් සම්බන්ධ නොවීම

§  සිනහා නොවීම

vමාස 4 සිට 7 දක්වා

§  Babbling ශබ්දය නොකරයි

vමාස 7 සිට 12 දක්වා

§  ටටා බායි කියූ විට ප්‍රතිචාර නොදක්වයි

vමාස 7 සිට අවුරුදු 2 දක්වා

§  අන් අය පවසන දේ තේරුම් නොගනී

vමාස 12 සිට 18 දක්වා

§  වචන කිහිපයක් පමණක් පවසයි

vඅවුරුදු 1 1/2 සිට 2 දක්වා

§  වචන දෙකකින් යුත් වාක්‍ය පැවසීමට නොහැකියි

vඅවුරුදු 2 සිට 3 දක්වා

§  අන් දරුවන් සමග සෙල්ලම් කිරීමට කතා කිරීමට මැලි වීම හා කතා නොකිරීම

vඅවුරුදු 2 1/2 සිට 3 දක්වා

§  මූලික අධ්‍යාපන ගැටලු මතුවීම (පොත් බැලීම, පොත් කියවීම, පින්තූර ඇඳීම Etc.)

ඔබේ දරුවාට හෝ ඔබ දන්නා අඳුනන යම් දරුවෙකුට නිසි වයසට අනුව කතා කිරීමේ අපහසුතාවය, භාෂාව හැසිරීමේ අපහසුතාවය හෝ ශ්‍රවණ සංවර්ධනය යම් අඩුපාඩුවක් ඇති බව ඔබට දැනේ නම් ඉක්මනින්ම සුදුසුකම් ලත් මනෝ උපදේශක වරයෙකු හමුවී දරුවා පිළිබඳ තක්සේරු වාර්තාවක් (Assessment) ලබා ගෙන, ඒ මත දරුවා නිසි පුහුණුවීම් වෙත යොමු කිරීම මගින්, දරුවාගේ වර්ධන කුසලතා ඉහළ නංවා ගත හැකිය.


Inoka Edrisinghe (Counselling Psychologist)
Bsc Psy. & Con. (IND)
HNDC, NDC (SLF), Drug Cons. (NDDCB)
SLPPCA Reg. No. 222 

Hemas Hospital Wattla ( Visiting Consultant 2018 – Present)

Hemas Hospital Thalawathugoda (Visiting Consultant 2018 – Present)

Esess Hospital Mahara (Visiting Consultant 2021 – Present)

Melsta Hospitals (Former Browns hospital) Ragama (Visiting Consultant 2020 – Present)

MediHelp Hospitals  Kaleniya (Visiting Consultant 2022 – Present)

Peoples Hospital Mahabage (Visiting Consultant 2022 – Present)

WinLanka Hospital Kohuwala (Visiting Consultant 2017–2019)  

Sri Lanka National secretariat for early childhood development's resource Pool 

Member and Teacher Trainer (Special Needs Children) , 2022 – Present 

Counsellor at Psychology Unit at Government Base Hospital Kiribathgoda (2010–2018– Novembe)

BetterLife Psychological Counselling Centre (2007-Present) Psychology Life Centre (2010–2018)


 BetterLife Psychological Counselling Center (මනෝවිද්යා උපදේශන මධ්යස්ථානය)

 # No. 10/1 Hill Street,

Housing Scheme, Kiribathgoda, Sri Lanka.

Contact No : +94 -77-087-7759

Web             : www.betterlifesl.com

Facebook   : www.facebook.com/betterLifeinSL

Facebook Page






Previous Post: (පෙර ලිපි :)

මොකක්ද මේ තරහ කියන්නෙ?,
අධික්‍රියාකාරී දරුවන්ට උදව් කරමු
මොකක්ද මේ මියුටිසම් කියන්නේ .....
ඔටිසම් (Autism) - ගැන දැනගනිමු
ප්‍රදර්ශනාත්මක කාමුකත්වය Exhibitionism
ලිංගික ආශාව අඩු කරන අමිහිරි මතකයන් (hypoactive sexual desire disorder)
ලිංගික ජීවිතේ ගැටලු විවහ ජීවිතයට බලපාන අයුරු (Sexual Performance Anxiety)

ලිංගික එක්වීමේදී කාන්තාවන්ට වේදනාකාරී වන වැජිනිස්මස් රෝග තත්වය (Vaginismus)
OCD (Obsessive Compulsive Disorder) - ග්‍රස්ථිය
මානසික අවපීඩනය - Depression
ඔබටත් වැළඳී තිබිය හැකි විෂාදය - Depression
සමාජ භීතිකාව හෙවත් social Anxiety
මොකක්ද මේ දරුවාගේ අසාමාන්‍ය දගකාරකම.? - (ADHD -Attention Deficit Hyperactive Disorder)
පුද්ගල සබඳතාවන්ට හානි කරන පෞරුෂත්ව ආබාධය
නොපෙනෙන අය කතාකරනු ඇසෙන, “භින්නෝන්මාදය - Schizophrenia